Search

අගමැති ඇල්බනීසි දෙවන වර න්‍යාය පත්‍රය සකස් කිරීමට සුදානම්

 

දෙවන වාර න්‍යාය පත්‍රය සකස් කිරීම සඳහා අදහස් සෙවීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි පියවර ගෙන තිබෙනවා.

ආර්ථික වර්ධනයට සහ ඵලදායිතාවයට සහාය වීම සඳහා අදහස් ලබා ගැනීමට විශේෂඥයින්, වෘත්තීය සමිති සහ ව්‍යාපාරික නායකයින් අගෝස්තු මාසයේදී කැන්බරා වෙත කැඳවන ලෙසයි ඇල්බනීසි භාණ්ඩාගාරික ජිම් චාමර්ස්ගෙන් [Jim Chalmers] ඉල්ලා ඇත්තේ.

ඔහු ජාතික මාධ්‍ය සමුළුවකදී පවසා ඇත්තේ මෙම ක්‍රියාවලිය මගින් පිළිගත හැකි දිගුකාලීන වෙනසක් ඇති කරවීමට බලාපොරොත්තු වන බවයි.

2025 මැතිවරණයට අදාළව කැඳවූ ප්‍රතිපත්ති පදනමට වඩා පුළුල් ජාතික එකඟතාවයක් ඇතිවන ලෙස ප්‍රතිසංස්කරණ සඳහා මූලිකත්වයක් ලබාදෙන බව ද අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

මීට අමතරව ඔහුගේ පළමු නිවස මිලදී ගැනීමේ 5% තැන්පතු සහතික වැඩසටහන 2026 වසරට පෙර ක්‍රියාත්මක කරන අතර ලබන වසර මැදදී නව Medicare Urgent Care Clinics 50ක් විවෘත කරන බවට  ද  ඔහු පොරොන්දු වී තිබෙනවා.

දිගුකාලීන වෙනසක් සඳහා ඔස්ට්‍රේලියානු ජනතාව තේරුම් ගන්නා ප්‍රතිසංස්කරණයක් ලබාදීමට රජය උත්සාහ කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »