Search

ශීත කාලයට පෙර එන්නත් ලබාගන්නැයි උපදෙස්

Winter ළඟා වන විට ඕස්ට්‍රේලියානුවන්ට උණ, COVID-19 සහ RSV සඳහා එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය විශේෂඥයින් දැනුම් දෙනවා.

ජාතික උණ එන්නත් ලබාගැනීමේ අනුපාත මේ වන විට අඩුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එන්නත් ලබා ගැනීමේ අනුපාතය 24.24% ක් පමණක් වන අතර වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් එන්නත් ලබා ගැනීමේ අනුපාතය වී තිබුනේ 14% ක් පමණක් බව සඳහන්.

COVID-19 බූස්ටර් එන්නත ලබා ගැනීම ද අඩු වී ඇති අතර විශේෂයෙන් වයස අවුරුදු 75 සහ ඊට වැඩි අය එන්නත් ලබා ගැනීම පසුගිය වසර තුළ 38% සිට 32% දක්වා පහත වැටී තිබෙනවා.

දරුණු රෝගාබාධ සහ රෝහල්ගත වීම වළක්වා ගැනීම සඳහා එන්නත් කිරීම ඉතා වැදගත් බව ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයද (AMA) පවසනවා.

බටහිර ඕස්ට්‍රේලියාවේ RSV වැඩසටහන මගින් දැනටමත් ළදරු රෝහල්ගත කිරීම් 57% කින් අඩු කර ඇති අතර, සෞඛ්‍ය වියදම් ඩොලර් මිලියන 7 කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර ඇති බවද වාර්තා වනවා.

AMA සභාපති වෛද්‍ය ඩැනියෙල් මැක්මුලන් පවසන්නේ එන්නත් හරහා රෝග වැළැක්වීමේ බලය සනාථ කරන බවයි.

ඉහළ යන RSV රෝගීන් සහ උණ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්, විශේෂයෙන් කුඩා දරුවන් බරපතල අවදානමට ලක්විය හැකි බව ඇය අනතුරු අඟවනවා.

 

ප්‍රවේශමෙන්- මහාපරිමාණ Personal data වංචාවක්

තම Personal data වංචාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා. බොහෝ පුද්ගලයින් නොදැනුවත්වම ඔවුන්ගේ තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විකුණනු ලබනවා.

Read More »