
මෙල්බර්න් හි Clayton laboratory හිදී කාන්තාවකට වැරදි කළලයක් බද්ධ කර තිබෙනවා.
මෙලෙස වරදක් සිදු වූ බව මොනෑෂ් IVF විසින් ද තහවුරු කරනු ලැබුවා.
මෙහිදී සිදුව තිබෙන්නේ කළලය නිවැරදි සහකාරිය වෙනුවට වෙනත් කාන්තාවකට මාරු කර බද්ධ කිරීමයි.

මෙම වසර මුලදී බ්‍රිස්බන් කාන්තාවක් නොදැනුවත්වම මෙවන් අතපසුවීමක් හේතුවෙන් වෙනත් යුවළකගේ දරුවෙකු බිහි කළ කම්පන සහගත සිද්ධියකින් පසුවයි මෙයද වාර්තා වන්නේ.
මොනෑෂ් IVF මේ සම්බන්ධයෙන් සමාව අයැද ඇති අතර බලපෑමට ලක් වූ යුවළ මේ සම්බන්දයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.

ඉලෙක්ට්‍රොනික පද්ධති භාවිතා කළද, මෙම පරීක්ෂා කිරීම් අවදානම් ස්වරූපයන් ගන්නා බව පෙන්වා දෙන විචාරකයින් සදහන් කරන්නේ මෙය නැවත නැවත සිදුවීම සුදුසු නොවන බවයි.
එමගින් ඕස්ට්‍රේලියාවේ IVF ක්‍රියා පටිපාටිවල ආරක්ෂාව සහ විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රධාන ගැටළු මතු බවද ඔවුන් පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් රෝගීන්ද මෙම ක්‍ර්‍රියාවලිය සම්බන්දයෙන් වැඩි විනිවිදභාවයක් සහ වගවීමක් ඉල්ලා සිටිනවා.
ඒ සෑම කළල මාරුවක් පිටුපසම සදාචාරාත්මක බව සම්බන්දයෙන් බරපතල ගැටළු ඉස්මතු කිරීම හේතුවෙන්.