සිඩ්නි අප-ජල පද්ධතියෙන් කොවිඩ් වෛරස් කොටස් – ප්‍රදේශ 14 කට අනතුරු ඇගවීමක්

සිඩ්නි අප ජල පද්ධතියේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් නවතම අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

කෙසේවෙතත් මේ දක්වා NSW ප්‍රාන්තයෙන් කිසිදු වෛරස ආසාධිතයෙකු මෑතකදී සිදුකල පරීක්ෂණ අනුව වාර්තා වී නොමැත.

Homebush ප්‍රදේශයෙන් ලබාගත් අප ජල සාම්පලයක තිබී මෙම වෛරස් කොටස් හමුවී ඇති අතර 40,500 ක පමණ පිරිසක් එහි වාසය කරන බව සඳහන්.

සෞඛ්‍ය අංශ විසින් නවතම අනතුරු ඇගවීම නිකුත් කර ඇති ප්‍රදේශ වන්නේ

Homebush West, Strathfield, Concord West, Sydney Olympic Park, Wentworth Point, Newington, Lidcombe, Homebush, Silverwater, Petersham, Liberty Grove, Rhodes, North Strathfield & Concord

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »