Search

අන්තර්ජාලය ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

විනෝදාත්මක, තොරතුරු සහිත සහ ධනාත්මක අවස්තා බොහෝ තිබුනද අන්තර්ජාලය තුල පවතින භයානක බව දැඩි ලෙස ඉහළ යමින් පවතින බව සමීක්ශණයක් මගින් පෙන්වා දී තිබෙනවා.

අද වන විට මානව වර්ගයාට කළ නොහැකි කාර්යයක් නොමැති තරමටම අන්තර්ජාලය දියුණු වී ඇති අතර ඒ තුලින් ත්‍රස්තවාදය, ළමා අපයෝජන සහ වංචා කිරීම් තවදුරටත් ප්‍රවර්ධනය කරමින් තිබෙන බවයි සමීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

මෙහිදී අනතර්ජාලයේ ප්‍රවේශ වීම් වලට අවසර දීමට පෙර facial recognition සහ fingerprint ලබා දී ලොග් වීම් තවදුරටත් විධිමත් විය යුතු බවද විශේෂඥ මතය වී තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව පෙරමුණ ගත යුතු බවයි .

වංචනිකයින්ගෙන් සිදුකරගත් අනාවරණ කිරීම් අනූව විශේෂඥයින් පවසන්නේ විවිධ අවස්තා වලදී ඕස්ට්‍රේලියාව පහසුම ඉලක්කයක් බවට පත්ව තිබූ බවයි.

අන්තර්ජාලය තුලින් නිර්මාණය වී තිබෙන කණඩායම් මේ වන විට මව විසින් අතහැර දමා වෙනත් පිරිස් විසින් ඇති දැඩි කරන ලද සිංහ සමාජයක් මෙන් ව්‍යාප්ත වී තිබෙන බවද සමීක්ශකයින් පෙන්වා දෙනවා.

ප්‍රවේශමෙන්- මහාපරිමාණ Personal data වංචාවක්

තම Personal data වංචාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා. බොහෝ පුද්ගලයින් නොදැනුවත්වම ඔවුන්ගේ තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විකුණනු ලබනවා.

Read More »