
රුධිර ආසාදනවලට තුඩු දිය හැකි භයානක බැක්ටීරියාවක් අන්තර්ගත වීම හේතුවෙන් ජනප්‍රිය Topo Chico Mineral Water ආපසු කැඳවා තිබෙනවා.
කොකා-කෝලා සමාගම විසින් එක්සත් ජනපදයේ ප්‍රාන්ත පහක ගබඩා වලින් මෙම ජල බෝතල් ඉවත් කර කිසිදු තත්වයක් යටතේ බලපෑමට ලක් වූ නිෂ්පාදනය පානය නොකරන ලෙස පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බවයි වාර්තා වුනේ.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ හෝ නිදන්ගත රෝග තත්වයන් ඇති පුද්ගලයින්ට විශේෂයෙන් මෙම ජලය පානය කිරීම ඉතා භයානක විය හැකි බවයි අනාවරණ වී තිබෙන්නේ.

Pseudomonas aeruginosa බැක්ටීරියාවේ අංශු මාත්‍ර ජලය තුල තිබෙන බව අනාවරණය වීමෙන් පසුවයි ජල බෝතල් යලි කැඳවීම ආරම්භ කෙරුනේ.
බලපෑමට ලක් වූ නිෂ්පාදනය ටෙක්සාස් සහ ලුසියානා හි වෙලදසැල් තුල අලෙවි කරන තිබෙනවා.

නැවත කැඳවන ලද ජලය 16.9 oz (500 mL) වීදුරු බෝතල් ඇසුරුම් 18 ක ඇසුරුම් කර ඇති අතර, බෝතලයේ ගෙලෙහි #13A2541 කැබලි කේතය සමඟ සලකුණු කර තිබූ බව සදහන්.