Search

ඕස්ට්‍රේලියා – ඉන්දීය කාන්තා ක්‍රිකට් තරඟයේ ස්ථාන මාරුවක්

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කාන්තා ගෘහස්ථ එක්දින තරගාවලිය චෙන්නායි සිට නව ස්ථාන වෙත ගෙන ගොස් තිබෙනවා.

The Board of Control for Cricket in India විසින් නිල වශයෙන් මෙය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තරඟ MA චිදම්බරම් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් තණතීරුව සහ පිටියේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ හේතුවෙන් එය මාරු කිරීමට සිදු ව තිබෙන බවයි වාර්තා වුනේ.

ඒ අනූව පළමු එක්දින තරග දෙක සැප්තැම්බර් 14 සහ 17 යන දිනවල මුල්ලන්පූර් හි මහාරාජා යාදවින්ද්‍ර සිං ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

තුන්වන සහ අවසාන එක්දින තරගය සැප්තැම්බර් 20 වන දින දිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මෑතකදී IPL ප්ලේ-ඕෆ් තරඟ පැවැත්වීමෙන් පසු මුල්ලන්පූර් BCCI හි වඩාත් ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

සැප්තැම්බර් 30 වන දින ආරම්භ වන ICC කාන්තා ලෝක කුසලානයට පෙර කාන්තා එක්දින තරගාවලිය ප්‍රධාන පුහුනු තරඟයක් ලෙසයි පැවත්වෙන්නේ.

තරඟාවලිය නොවැම්බර් 2 වනදා දක්වා බැංගලෝර්, විශාකාපට්නම්, ඉන්දෝර්, ගුවහාටි සහ කොළඹ යන නගරවල පැවැත්වෙනවා.

Match Date Old Venue New Venue
1st ODI Sept 14 Chennai Mullanpur
2nd ODI Sept 17 Chennai Mullanpur
3rd ODI Sept 20 Chennai Delhi

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »