
ජූලි පළමු වනදා සිට වික්ටෝරියාවේ රියදුරන් සඳහා මාර්ග නීති වෙනස් කිරීමට සූදානම් වනවා.
ඒ අනූව මාර්ග ආසන්න roadside assistance vehicles පසුකර යන විට රියදුරන්ට පැයට කිලෝමීටර 40 දක්වා වේගය අඩු කිරීමට ඉදිරියේදී සිදු වනවා.
79A ලෙස හැඳින්වෙන යාවත්කාලීන කරන ලද රීතිය දැනටමත් හදිසි සේවා සඳහා අදාළ වනවා.

මෙම නීතියට අනුකූල වීමට අපොහොසත් වීමෙන් ඩොලර් 961 දක්වා දඩ මුදලකට මුහුණදීමට සිදුවන අතර සම්මත දඩය ඩොලර් 346 ක් වනවා.
මාර්ග වල සේවය කරන කාර්ය මණ්ඩලයෙන් 83% ක් අපහසුතාවන්ට මුහුණ දෙන බව Royal Automobile Club of Victoria මගින් සිදුකල සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ග ආසන්න සියලු හදිසි සේවකයින්ගේ ආරක්ෂාව සඳහා මෙම වෙනස අත්‍යවශ්‍ය බව RACV සදහන් කලේ.