
2030 වන විට ඕස්ට්‍රේලියානු රජය තම සාගර භූමියෙන් 30% ක් ” Highly Protected ” ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
පරිසර අමාත්‍ය මරේ වොට් ප්‍රංශයේ පැවති එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවේදී මෙම වැඩසටහන සම්බන්ධයෙන් අනාවරන කරනු ලැබුවා.
වර්තමානයේ, ඕස්ට්‍රේලියාවේ සමුද්‍ර කලාපවලින් 24% ක පමණක් මසුන් ඇල්ලීම, පතල් කැණීම සහ කැණීම් වැනි ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා.

නව ” Highly Protected ” වර්ගීකරණය මගින් එවැනි සියලු ක්‍රියාකාරකම් තෝරාගත් ස්තාන සදහා ඉදිරියේදී තහනම් කරනු ඇති.
මෙහි අරමුණ වී තිබෙන්නේ සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය කිරීම බවද පරිසර අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඕස්ට්‍රේලියාව දැනටමත් වෙනත් රටවලට වඩා සාගරය ආරක්ෂා කිරීම සිදුකරන අතරම පසුගිය වසර තුන තුළ වර්ග කිලෝමීටර මිලියන 1.3 ක සමුද්‍ර ආරක්ශණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බවද පරිසර අමාත්‍යවරයා සඳහන් කලා.ඕස්ට්‍රේලියාවේ මුහුදු රැකීමට විශේෂ වැඩපිළිවෙලක්