
යෝජනා කර තිබූ පරිදි වික්ටෝරියාව පුරා අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා සියලුම පොදු ප්‍රවාහන සේවා 2026 ජනවාරි 1 වනදා සිට නොමිලේ හිමි වනවා.
ඒ අනූව දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් රථ ඇතුළුව ප්‍රාන්තය පුරා සියලුම ආකාරයේ ප්‍රවාහන පහසුකම් මේ සඳහා අදාළ බවයි වාර්තාවල දැක්වෙන්නේ.
වික්ටෝරියානු පවුල් මත තිබෙන ජීවන වියදම් බර ලිහිල් කිරීම සඳහා වන රජයේ උත්සාහයක කොටසක් වශයෙනුයි මෙම වැඩපිලිවෙළ ක්‍රියාත්මක වන්නේ.

වාර්ෂිකව දරුවෙකු සඳහා ඩොලර් 1,000 ක් දක්වා ප්‍රවාහන ගාස්තු වැය වන බැවින්, මෙම පියවර සැලකිය යුතු ඉතිරියක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
නව “”youth Myki” කාඩ්පතක් මෙහිදී හඳුන්වා දෙනු ලබන අතර, එමඟින් දරුවන්ට දුම්රිය මගින් ගමන් කිරීම සදහා ඉඩ සලසනු ලබනවා.

දරුවෙකුට වයස අවුරුදු 18 වන තෙක් youth Myki වලංගු වනවා.
Myki නොමැති ග්‍රාමීය සහ ප්‍රාදේශීය ප්‍රදේශවල ළමුන්ද නොමිලේ ගමන් සඳහා සුදුසුකම් ලබන බවයි බලදාරීන් පෙන්වා දෙන්නේ.
මැයි 20 වන දින ප්‍රාන්ත අයවැයට පෙර ප්‍රකාශයට පත් කරන ලද මෙම සැලැස්ම මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු වලට අතුලත් වනවා.