Search

Host family එකේ ගැටළුවක් නිසා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල්කළ විදෙස් සිසුවා

ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල්කළ සිසුවියකගේ මවක් තම දියණියගේ නඩුව හැසිරවූ ආකාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වනවා. 

ඒ සත්කාර පවුල සමග ඇතිවූ ගැටළුවක් හේතුවෙන් සිය දියණිය ඔස්ට්‍රේලියාවෙන් නෙරපීමට ක්‍රියා කිරීමට එරෙහිවයි. 

නම කීමට අකමැති හොංකොං ජාතිකයෙකු වන 16 හැවිරිදි කැන්ටනීස් ඇතීනා ලෙස ව්‍යාජ නාමයකින් හඳුන්වනු ලැබූ මෙම දියණිය 2023 දී ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සහිතව ක්වින්ස්ලන්ඩ් හි 9 වන ශ්‍රේණියේ උසස් පාසලක ඉගෙනුම ලැබුවා. 

පසුව ඇය මේ වසරේ පර්ත් හි අධ්‍යාපනය කරගෙන යාමට බටහිර ඕස්ට්‍රේලියාවට ගිය අතර, එහිදී ඇය පෙබරවාරි මාසයේ සිට සත්කාරක පවුලක සමග වාසය කළා.

ඇතීනා පවසන්නේ ඇයට පැනවූ ගෘහස්ථ නීති මගින් තමන් ආතතියට පත් වූ බවයි.

පසුව පොලිස් නිළධාරීන් යැයි කියාගන්නා දෙදෙනෙකු විසින් ඇතීනාගේ මවට දුරකතනයෙන් පවසා තිබුණේ දියණියව හොංකොං වෙත ගුවන් යානයකින් ගෙදර එවන බව හා ඇයව පිටුවහල් කරන බවයි.

පසුව TIWA (ටී.අයි.ඩබ්ලිව්.ඒ) වෙතින් ලැබුණු ලිපියක සඳහන් වන්නේ ඇතීනාගේ ලියාපදිංචිය වෙල්ෆෙයා රිස්ක් එකක් හේතුවෙන් අවලංගු කර ඇති බවයි.

ඉන් දින කිහිපයකට පසු, ඇතීනා සහ ඇගේ මව ඕස්ට්‍රේලියාවට ආපසු ගොස් TIWA හි තීරණයට අභියාචනාවක් ඉදිරිපත්කර තිබෙනවා.

එහිදී සපයන ලද සාක්ෂි සහ අධ්‍යයන ඉතිහාසය සලකා බැලීමෙන් පසු, ඇතීනාට ඇගේ අධ්‍යයන කටයුතු කරගෙන යාමට ඉඩ දීමට එකඟ වූ බවයි TIWA ප්‍රකාශ කළේ.

ඇතීනා දැන් පර්ත්හි තවත් සත්කාරක පවුලක් සමඟ නැවතී සිටින අතර ඇගේ අධ්‍යයන කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වනවා.

ඇගේ මනෝ උපදේශකවරයා පැවසුවේ ජාත්‍යන්තර සිසුන් සහ සත්කාරක පවුල් අතර ගැටුම් ඇතිවන්නේ බොහෝ විට සංස්කෘතික වෙනස්කම් සහ වෙනස් ජීවන පුරුදු නිසා බවයි.

ඕස්ට්‍රේලියානු නඩු වලින් අඩක් පමණ නවාතැන් ගැටළු සම්බන්ධ බවටයි ඔහු පැවසුවේ.

ඇතීනාගේ නඩුව බලධාරීන් විසින් වැරදි ලෙස හසුරුවා ඇති අතර ඇයව හොංකොං වෙත ආපසු යැවීම වෙනුවට හදිසි නවාතැන් පහසුකම් සකස් කළ යුතු තිබූ බවයි මනෝ උපදේශකවරයා කියාසිටියේ.

සම්මත සන්නිවේදන යාන්ත්‍රණයක් නොමැතිකම හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් සම්බන්ධයෙන් ඇතැම් පරිපාලකයින් ගන්නා තීරණ අසාධාරණ බවත් ඒ වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජය මැදිහත්විය යුතු බවයි මනෝ උපදේශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »