
ඔස්ට්‍රේලියාවේ පිරිමි පුද්ගලයන්ගෙන් තුනෙන් එකක් පමණ තම සහකරුවාට මානසික හෝ ශාරීරික හිංසා සිදුකරන බව පර්යේෂණයකින් අනාවරණය කරගනු ලැබුවා.
මෙම ප්‍රමාණය වසර 10 කට පෙර 25% ක් ලෙස දැක්වුනද මේ වන විට එය 35%ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මෙම පර්යේෂණය ඔස්ට්‍රේලියානු පවුල් අධ්‍යයන ආයතනයක් විසින් සිදුකර තිබෙන අතර වයස අවුරුදු 18 සිට 65 දක්වා පිරිමි පුද්ගලයන්ගේ තොරතුරු ඇතුලත් කරගමින් පරීක්ෂණ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පර්යේෂණයට සහභාගී වන්නන්ගෙන් කවදා හෝ සහකරුවෙකුට බියක් හෝ කනස්සල්ලක් ඇති කරන ආකාරයෙන් හැසිරී තිබේද, කෝපයට පත් වූ විට සහකරුවෙකුට පහර දී ශාරීරිකව තුවාල කර තිබේද යන ප්‍රශ්න අසා තිබෙනවා.
පර්යේෂණයේ ප්‍රධානියා වූ ලිස් නෙවිල් පවසන්නේ වසරකට පිරිමි පුද්ලගයින් 120,000ක් පමණ තම සහකරුවාට මානසික හෝ ශාරීරික හිංසා සිදුකරන බවයි.

පිරිමි ප්‍රචණ්ඩත්වය ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතු සාධක ලෙස ඔහු පෙන්වා දුන්නේ කුඩා කාලයේ සිට ආදරණීය පවුලක් නොලැබීම, යහපත් මානසික සෞඛ්‍යයක් නොතිබීම සහ සමාජ සහයෝගය නොමැති වීමයි.