
පලාගිය ගිය සිරකරුවෙකු ඔහු සොරකම් කළ බව කියන මෝටර් රථය අනතුරට ලක් කිරීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුගිය මාසයේ Palen Creek හි පලාගිය සිරකරු නිවසකින් Mercedes-Benz මෝටර් රථයක් සොරකම් කර තිබෙනවා.
පසුව මෝටර් රථය නවතා තිබූ වාහන වල ගැටී තිබියදී සොයා ගැනීමෙන් පසු සිරකරු සෙවීම සදහා පොලිස් නිලධාරීන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

සිරකරු එම අවසථාවේ තවත් මෝටර් රථයක් සොරකම් කිරීමට උත්සහ කිරීමේදී මහජනතාව විසින් ඔහුව නවත්වා තිබෙනවා.
එහිදී පැන ගිය සිරකරු නිවෙස්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර අවසානයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

38 හැවිරිදි සිරකරුට සොරකම් කිරීම ,අපරික්ෂාකාරී රිය ධාවනය,සිරගතව සිටියදී පලා යාම හා මංකොල්ලකෑම් ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති අතර අද අධිකරණන හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.