
ගාසා තීරයට අත්‍යවශ්‍ය ආධාර රැගෙන ගිය නෞකාවක් ඊශ්‍රායෙල් හමුදා විසින් අවහිර කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ විරෝධතා ඇති වී තිබෙනවා.
Freedom Flotilla Coalition නෞකාව සහ එහි සිටි ක්‍රියාකාරීන් 12 දෙනෙක් ඊශ්‍රායෙල් හමුදාව විසින් අනීතිකව අත්අඩංගුවට ගෙන ඇති බවයි විරෝධතාකරුවන් කියා සිටියේ.
Students for Palestine සමූහය ඇතුළු සංවිධාන රැසක් අගමැති අන්තනි අල්බනීස්ගේ කාර්යාලය අසළ විරෝධය දක්වමින් කියා සිටින්නේ ඊශ්‍රායෙල් තානාපතිවරයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර ඊශ්‍රායලය සමඟ ඇති සියලු ආර්ථික සහ හමුදා සබඳතා වහා කප්පාදු කළ යුතු බවයි.

ඔවුන් ගාසා තීරයේ ජනතාවට ආහාර සහ ඖෂධ රැගෙන ගිය අය මිස ත්‍රස්තවාදීන් නොවන නිසා ඔවුන් වහාම නිදහස් කළ යුතු යැයි විරෝධතාකරුවන් පවසනවා.
අත්අඩංගුවට ගැනීම පිලිබඳව ඊශ්‍රායෙල් හමුදා වැඩිදුරටත් කියා සිටියේ නෞකාවේ සිටි තරුණ ක්‍රියාකාරීන් ඉදිරියේදී අදාළ රටවල් වෙත ආපසු යැවීමට කටයුතු කරන බවයි.

මෙලෙස ඊශ්‍රායෙල් හමුදා විසින් ආධාර නෞකා සදහා බාධා කිරීම නිසා ගාසා තීරයට ආහාර නොලැබී ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් සාගින්නෙන් මිය යාමට ලක්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා සිටියා.