Search

ඔස්ට්‍රේලියාවේ $ මිලියන ගණනක Money Laundering ජාලයක් අල්ලයි

Money Laundering ජාලයක් සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකුට Queensland පොලීසිය විසින් චෝදනා එල්ල කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ මේ හරහා ඩොලර් මිලියන 10කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් Money Laundering කර ඇති බවයි.

තවද Queensland සහ New South Wales ප්‍රදේශවලින් මෙම ජාලයට සම්බන්ද ඩොලර් මිලියන 21ක් පමණ වටිනා දේපල, බැංකු ගිණුම් සහ වාහන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාලයට සම්බන්ද පුද්ගලයින් ව්‍යාජ ව්‍යාපාර මූල්‍ය ගිණුම්, courier සේවා සහ cryptocurrency ගිණුම් භාවිතයෙන් මෙම මුදල් පිරිසිදු කිරීම සිදු කර ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගනු ලැබුවා.

චෝදනා එල්ල වූ පුද්ගලයන් අවුරුදු 32,35,48 සහ 58 යන වයස් වල පසුවෙන්නන් බවයි වාර්තා වන්නේ.

මොවුන් සියලුදෙනා ජූලි 21 වන දින මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීමට නියමිතව තිබෙනවා.

මෙවැනි මූල්‍ය අපරාධ ජාතික ආරක්ෂාවට, ආර්ථිකයට සහ සමාජ ආරක්ෂාවට දැඩි ලෙස හානි සිදුකරන නිසා මෙවැනි වරදකරුවන්ට උපරිම නීති ක්‍රියාත්මක කරන බව අධිකරණ නිලධාරී Adrian Telfer සදහන් කර සිටියා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »