
2025 Oxford Economics Global Cities Index වාර්තාව අනුව Melbourne නගරය ලෝකයේ හොඳම නගර 10 අතරින් 6 වන ස්ථානයටද Sydney නගරය 7 වෙනි ස්ථානයටද පත්වී තිබෙනවා.
ලෝකයේ විවිධ නගර 1000 ක් පිළිබඳව කරුණු විශ්ලේෂණ කරමිනුයි මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ.
2024 වසරේදී 9 වැනි ස්ථාන හිමිකරගත් Melbourne නගරය මේ වසරේ 6 වෙනි ස්ථානයට පැමිණ ඇත්තේ San Francisco, Los Angeles සහ Tokyo වැනි ප්‍රබල නගර අභිබවා වීම විශේෂත්වයක් වනවා.

ශ්‍රේණිගත කිරීම සඳහා Oxford Economics ආයතනය විසින් ආර්ථිකය, මානුෂීය සම්පත්, ජීවන තත්ත්වය, පාරිසරික තත්වය සහ රජය යන ප්‍රධාන කාණ්ඩ 5ක් යටතේ ගණනය කළ දත්ත යොදාගෙන තිබෙනවා.
Melbourne නගරය මනුෂ්‍ය සම්පත් කාණ්ඩය යටතේ ලෝකයේ 12 වන ස්ථානයට පත්ව ඇති අතර උසස් තත්ත්වයේ විශ්වවිද්‍යාල සහ වේගයෙන් වර්ධනය වන ආර්ථිකය ඊට හේතුව බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් නගරද ඉහළ වාර්තා ලබාගෙන ඇති අතර Brisbane 23 වන ස්ථානයට , Perth 31 වන ස්ථානයට හා Canberra 52 වන ස්ථානයට පත්වී තිබෙනවා.