Search

සංක්‍රමණික විරෝධතා මැඩලීමට ට්‍රම්ප් හමුදාවෙන් උණ්ඩ ප්‍රහාර

ට්‍රම්ප් සංක්‍රමණ මර්දනයට එරෙහි විරෝධතාවල තුන්වන දිනය මේ වනවිට ක්‍රියාත්මක වනවා.

ෆෙඩරල් හමුදා භටයින් 300 ක් පමණ විරෝධතාකරුවන් මැඩලීමට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

පිරිස විසුරු හැරීමට හමුදා භටයින් කඳුලු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

අද දහවල් වන විට, ලොස් ඇන්ජලීස් නගරයේ මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ ඉදිරිපිට විරෝධතාකරුවන් සිය ගණනක් රැස්ව සිටින බවද සඳහන්.

තුවක්කු අත දරා සිටින කැරළි මර්දන භටයින්ට විරෝධතාකරුවන් “shame” and “go home” ලෙස හඩ නගමින් සිටින බවයි මාධ්‍ය වාර්තාවල පළවන්නේ.

විරෝධතාකරුවන් නීති විරෝධී ලෙස රැස්ව සිටින බව පවසමින් ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කරනවා.

ඊයේ පස්වරුවේ ආණ්ඩුකාර ගැවින් නිව්සම් විසින් ට්‍රම්ප් වෙත ලිපියක් යවමින් ආරක්ෂක භටයින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා.

දශක ගණනාවකට පසු ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමකින් තොරව රාජ්‍යයක ජාතික ආරක්ෂක භටයෙකු සක්‍රිය කළ පළමු අවස්ථාව මෙය බවයි ඇමරිකා මාධ්‍ය අංශ පවසන්නේ.

 

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »