Search

2025 King’s Birthday ගෞරව ලැයිස්තුවට සිටින ඔස්ට්‍රේලියානුවන්

2025 වසරේ King ගේ උපන් දින සැමරුමේ ගෞරව ලැයිස්තුවේ ඉහළම පිළිගැනීම හිටපු අගමැති ස්කොට් මොරිසන්ට පිරිනමා තිබෙනවා.

බටහිර ඕස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ඩ් හැරුණු විට, බොහෝ ඕස්ට්‍රේලියානු ප්‍රාන්තවල ජුනි මාසයේ දෙවන සඳුදා දිනයේ King’s Birthday සමරයි.

මෙවර මෙම ගෞරවය හිටපු අගමැති ස්කොට් මොරිසන්ට හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔහු දැක්වූ පරාර්ථකාමී සේවයට ගෞරවයක් ලෙසයි.

ස්කොට් මොරිසන් විසින් මෙරට පාර්ලිමේන්තුවේ කැපී පෙනෙන සේවයක් ඉටුකළ අතර ගෝලීය සහයෝගිතාව ඉහළ නැංවීම, කොවිඩ් අර්බුදයට සාර්ථකව මුහුණදීම, ජාතික ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ විශේෂයෙන් AUKUS සඳහා ඕස්ට්‍රේලියාවේ නායකත්වය ලබාදුන්නා.

මොහු 2018 සිට, 2022 ෆෙඩරල් මැතිවරණයෙන් සන්ධානය පරාජය වන තෙක් අගමැති ධුරයේ කටයුතු කළා.

එම කාලයේ  COVID-19 වසංගතයෙන් ලොව අඩුම මරණ අනුපාතයක් ද මෙරට වාර්තා වුණා.

කෙසේ වෙතත්, 2022 දී වසංගතය අතරතුර ඔහු රහසිගතව අමාත්‍යාංශ පහකට දිවුරුම් දී ඇති බවයි හෙළිවී වුණේ.

මේ අතර මෙම වසරේ ගෞරව ලැයිස්තුවට මොරිසන් සමඟ එක් වන්නේ රෝමියෝ + ජුලියට්, මවුලින් රූජ්! සහ ද ග්‍රේට් ගැට්ස්බි ඇතුළු බ්ලොක්බස්ටර් ජයග්‍රහණ පිටුපස සිටි ඕස්ට්‍රේලියානු චිත්‍රපටයේ බලගතු යුවළක් වන ලුහ්ර්මන් සහ මාටිනුයි.

එමෙන්ම local classic ස්ට්‍රික්ට්ලි බෝල්රූම් ද ඒ අතර වනවා.

හිටපු ඔලිම්පික් පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩකයෙකු සහ හිටපු AFLW සාමාන්‍යාධිකාරී නිකොල් ලිවිංස්ටෝන් මෙන්ම දෙවන ඉහළම ගෞරවය Nine Entertainment හි කොටස් හිමිකරු Bruce Gordon ට හිමිව තිබෙනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »