
ඔස්ට්‍රේලියානුවන් දස දෙනෙකුගෙන් හත් දෙනෙකුම ව්‍යාජ ලෙස අසනීප නිවාඩු දැමීමට පුරුදුව සිටින බව වාර්තාවකින් හෙළිව තිබෙනවා.
ඒ අනුව ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 68 ක් මෙලෙස ව්‍යාජ ලෙස අසනීප නිවාඩු ගන්නා බවයි පෙන්වාදෙන්නේ.
මේ පුරුද්ද මත රැකියා අහිමිවීම් හේතුවෙන් ව්‍යාපාරවලට වාර්ෂිකව ඩොලර් බිලියන 7.3 ක දැවැන්ත පාඩුවක් සිදුවන අතර නිවාඩු දින මිලියන 24.6 ක් වැය වනු ඇති.

iSelect සංසන්දනාත්මක වෙබ් අඩවියක් මගින් කරන ලද නවතම සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත්තේ.
සමීක්ෂණයට ඕස්ට්‍රේලියානුවන් 1000 ක් යොදාගෙන ඇති අතර මිනිසුන් අසනීප දින ව්‍යාජ ලෙස පෙන්වීමට ප්‍රධාන හේතුව නින්ද නොමැතිකම ලෙසද මෙහිදී හඳුනා ගැනීම විශේෂත්වයක්.

විවේක ගැනීම වෙනුවෙන් නිවාඩු ලබාගන්නා සංඛ්‍යාව සියයට 27 ක් වන අතර, සියයට 23.1 ක් මානසික නිදහස වෙනුවෙන් නිවාඩු ගන්නා බවද එහිදී හෙළිවී තිබෙනවා.
සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ කාන්තාවන් මානසික සෞඛ්‍ය දිනයක් ගත කිරීමට වැඩි ඉඩක් පවතින බවයි.
ඔවුන් දරුවන් වැනි පවුලේ අය රැකබලා ගැනීම සඳහා නිවාඩු ගැනීමට පෙළඹී සිටිනවා.
අධ්‍යයනයෙන් හඳුනාගත් තවත් විශේෂ කාරණයක් නම් මිනිසුන් වයසට යත්ම අසනීප දින ව්‍යාජ ලෙස නිර්මාණය කිරීම අඩු වන බවයි.
තරුණ පරම්පරාවන්, විශේෂයෙන් වයස අවුරුදු 18-24 අතර, පුද්ගලයින් වෙහෙසට පත්ව සිටින නිසා රැකියා අතපසු කිරීම් සිදුවනවා.
මෙහි සිත්ගන්නා කරුණ නම්, වයස අවුරුදු 25-34 අතර පුද්ගලයින්ගෙන් සියයට 84.5 ක් බොරු අසනීප නිවාඩු ගැනීමට පෙළඹී තිබීමයි.