
දින 07 ක සංචරණ සීමා පැණවීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වනවිට පුද්ගලයන් 14,000 කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක්ව සිටිති.
ඒ ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවධානම් ස්ථාන ලෙස නම්කර ඇති ස්ථාන 150 කට අධික සංඛ්‍යාවක ඔවුන් අදාළ කාලසීමාවන් තුළ ගත කර තිබීම හේතුවෙනි.
වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton සඳහන් කොට සිටියේ මේ වනවිට ප්‍රාන්තයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සියලුම දෙනා හට වෛරසය සම්ප්‍රේෂණය වූ අයුරු හඳුනාගෙන ඇති අතර එක් කොරෝනා වෛරස දාමයක් පමණක් සම්බන්ධයෙන් තවමත් සැක සහිත බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ වනවිට සිදුවෙමින් පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය සඳහා සිය ප්‍රාන්තයේ නිරෝධායන හෝටලයකදී සිදු වූ වෛරස සම්ප්‍රේෂණයක් හේතු වී ඇති බව දකුණු ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසයි.
දකුණු ඕස්ට්‍රේලියානු බලධාරීන් සඳහන් කොට සිටින්නේ මෙම පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණි තවත් පුද්ගලයකුගේ යාබද කාමරයක නිරෝධායනය වෙමින් සිට ඇති අතර එම කාලය අතරතුරදී මෙම වෛරස සම්ප්‍රේෂණය වී ඇති බවට පරීක්ෂණ ඔස්සේ නිගමනය කල බවයි.
