Search

ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීමේ Queensland පන්ති

අස්ථි ශක්තිමත් කිරීම සහ ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීම අරමුණු කරගත් ව්‍යායාම පන්ති අග්නිදිග ක්වීන්ස්ලන්ඩ් හි වැඩිහිටියන් අතර ජනප්‍රිය වෙමින් පවතිනවා.

අස්ථි ඝනත්වය අඩු ඕස්ට්‍රේලියානුවන් මිලියන හයකට අධික සංඛ්‍යාවක් ජීවත් වන අතර ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පෙළෙන මිලියන 1.6 ක් සිටින බවයි අනාවරන වී තිබෙන්නේ.

මේ හේතුවෙන් විශේෂඥයින් විසින් ජීවන රටාවේ වෙනස්කම් සිදුවීමේ වැදගත්කම පෙන්වා දෙනවා.

ඒ වෙනුවෙනුයි මේ සදහා දැනුවත් කිරීමේ පන්තිද ක්‍රියාත්මක වන්නේ.

කිරි නිෂ්පාදන, සැමන්, ආමන්ඩ්, කොළ පැහැති එළවළු වැනි කැල්සියම් බහුල ආහාර වර්ග වල පෝශණයේ අවශ්‍යතාවය ආහාරවේදින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඔවුන් සදහන් කරන්නේ කැල්සියම් අස්ථි සහ දත්වල ප්‍රධාන අංගය වන අතර, කැල්සියම් ප්‍රමාණවත් නොවුන අවස්තාවලදී ශරීරය එය අස්ථිවලින් ලබා ගන්නා බවයි.

කැල්සියම් අවශෝෂණය සඳහා විටමින් D ද අත්‍යවශ්‍ය වන අතර, දිනකට මිනිත්තු 10 ක් හිරු එළිය සිරුරට නිවාවරණය වීමද ඉතා වැදගත් වනවා.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »