
ගතවූ දින 03 ක කාලය තුළ මෙල්බර්න් නුවරින් හමුවූ ආසාධිතයන් 26 දෙනාම සතුව තිබී ඇත්තේ ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය කොවිඩ් ප්‍රභේදය බවටයි තහවුරු වී ඇත්තේ.
කොවිඩ් වසංගතය ආරම්භවූ සමයේ පැතිර ගිය වෛරස් ප්‍රභේදය එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැතිරීමට දින 05 ත් 06 ත් අතර කාලයක් ගියද ඉන්දීය ප්‍රභේදය තවත් අයෙකුට ආසාධනයවීමට ගතවනුයේ පැය 24 ක් වැනි කෙටි කාලයක් පමණයි.
මෙම ආසාධිතයන් අතුරින් එක් අයෙකු වයස 70 ට වැඩි අයෙකු වන අතර ඔහු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය පැය 24 ක කාලය තුලදී සිදු කල පරීක්ෂණ 40,000 කින් පමණ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතුරින් නව කොරෝනා ආසාදිතයින් හඳුනාගෙන ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයේ උද්ගතව ඇති කොරෝනා වෛරස අවදානම් තත්වය මත ප්‍රාන්තය තුල හදිසි Lockdown තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගත්තේය.
