Search

මිනිස් දරුවකුට සෙනෙහෙ දුන් ආදරණීය ගෝරිල්ලා

Jersey Zoological Park දී සිදුවූ සොබාදහමේ අසාමාන්‍ය සිදුවීමක සැමරුමක් පිලිබදවයි මේ දිගහැරුම.

වසර 40 කට පමණ පෙර එවකට පස් හැවිරිදි ලෙවන් මෙරිට් අහම්බෙන් Jersey Zoological Park හි ගෝරිල්ලා කුටියට වැටී තිබෙනවා.

එම දරුවා අද වැටීමත් සමග සිහිසුන්ව තිබුනා. සත්වෝද්‍යානයේ සිටි දරුවගේ දෙමාපියන්ද බියෙන් කැගසා තිබුනේ ජම්බෝ නම් ගෝරිල්ලා දරුවා වෙත යන ආකාරය දැකීමෙන්. එහෙත් ඔහු දරුවා අසලට ගොස් අසරණ ලෙස බලා සිට තිබෙනවා.

ආක්‍රමණශීලීත්වය වෙනුවට, ජම්බෝ මෙම දරුවාට අනුකම්පාව දක්ව තිබෙනවා.

සියල්ලන් මවිතයට පත්කරමින් , දැවැන්ත ගෝරිල්ලා දරුවාගේ පිටට මෘදු ලෙස තට්ටු කරමින් ඔහු අසලින් වාඩි වී දරුවා අනෙක් ගෝරිල්ලන්ගෙන් ආරක්ශා කර තිබුනා.

සංචාරකයෙකුගේ වීඩියෝ කැමරාව තුල මෙම අපූරු දර්ශනය සටහන් වීම සමග එය ගෝරිල්ලන් පිලිබද global perceptions සියල්ල වෙනස් කරන video clip ක්ලිප් එකක් බවට පත් වුනා.

දැන් 44 හැවිරිදි වියෙහි පසුවන ලෙවන්, සදහන් කලේ එම මතකය තමා සමග සදහටම පවතිනු ඇති බවයි.

මට වැටීම මතක නැති වුවද, එහි ප්‍රතිවිපාක සහ ඉන් පසුව සිදු වූ සියල්ල මට කිසිදා අමතක නොවන බව ඔහු පෙන්වා දෙනවා.

ලබන වසරේ මෙම සිදුවීමේ 40 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා ලෙවන් නැවත ජර්සි සත්වෝද්‍යානයට පැමිණීමට බලාපොරොත්තු වන්වා.

ජම්බෝ සහ ලෙවන්ගේ කතාව සත්ව ලෝකයේ බුද්ධිය, සංවේදනය සහ අභිරහස පිළිබඳ ප්‍රබල මතක් කිරීමක් ලෙස අදටත් පවතිනවා.

එමගින් පෙනී යන්නේ වඩාත්ම අසම්භාව්‍ය අවස්ථාවන්හිදී, සොබාදහම තමන්ගේ කරුණාව හෙළි කරන ආකාරයයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »