
Qatar Airways සමඟ හවුල්කාරිත්වයක් හරහා දිගු දුර ගුවන් ගමන් වෙළඳපොළට නැවත පිවිසෙමින් Virgin Australia ගුවන් සේවය ජාත්‍යන්තර වේදිකාවට නැවත පැමිණීමට සූදානම් වනවා.
2025 ජුනි 12 වන දින සිට, ගුවන් සේවය සිඩ්නි, බ්‍රිස්බේන්, පර්ත් සහ මෙල්බර්න් ඇතුළු ප්‍රධාන නගරවලින් දෝහා වෙත දිනපතා ගුවන් ගමන් ආරම්භ කරනු ඇති.
මේ සමගම ඕස්ට්‍රේලියාව සහ මැදපෙරදිග අතර තරඟකාරී ගුවන් ගමන් යළි ආරම්භ වනු අති බවයි බලදාරීන් පෙන්වා දෙන්නේ.

මෙම දැවැන්ත පියවර මගින් Emirates සහ Etihad වැනි දිගු කලක් ආධිපත්‍යය දැරූ වෙළඳපොළකට Virgin නැවත පැමිණීම සනිටුහන් කරනවා.
තනිව පියාසර කිරීම වෙනුවට, Virgin ගුවන් සේවය Qatar Airways හි බෝයිං 777-300ER ගුවන් යානා සහ කාර්ය මණ්ඩලය භාවිතා කරනු ඇති.

මෙම හවුල්කාරිත්වය ඕස්ට්‍රේලියානු සංචාරකයින් සඳහා පුළුල් කරන ලද ගුවන් ගමන් ප්‍රමාණයක් මෙන්ම වැඩි නම්‍යශීලී බවක් ලබා දෙනු ඇති බවයි බලදාරීන් පෙන්වා දෙන්නේ.
මෙම පියවර මගින් ගුවන් සේවය ඕස්ට්‍රේලියාවේ ගෝලීය පැවැත්ම නැවත ලබා ගැනීමට සහ ජාත්‍යන්තර සංචාරවල ඉල්ලීම්වලට අනුවර්තනය වීමට ඇති අවස්තා යලි සොයා බැලෙනු ඇති.