Search

ක්‍රමයෙන් අඳුරු වන මහ මුහුද

සාගරය අඳුරු වීම හෙවත් ocean darkening ලෙස හදුන්වන මෙය එක්සත් රාජධානියේ Plymoth විශ්වවිද්‍යාලය මගින් සිදු කළ පර්යේෂණයකට අනුවයි සොයා ගෙන තිබෙන්නේ.

එය සිදු වන්නේ සාගරයේ ඉහළම ස්තරයේ සිදු වන වෙනස්කම් නිසා ආලෝකයට ජලය හරහා ගමන් කිරීම අපහසු වීම හේතුවෙන්.

photic zone ලෙස හැඳින්වෙන මෙම ඉහළ ස්ථරය සියලු ම සාගර ජීවීන්ගෙන් 90%කට නිවහන වනවා.

එය ගෝලීය ජෛව භූ රසායනික චක්‍ර නිවැරදිව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බවයි සමීක්ශකයින් පෙන්වා දෙන්නේ.

Global Change Biology ජර්නලයේ පළ කරන ලද මෙම අධ්‍යයනයෙන් 2003 හා 2022 අතර කාල වකවානුව තුළ ගෝලීය සාගරයෙන් 21% අඳුරු වී ඇති බව සොයා ගෙන තිබෙනවා.

ඇල්ගී වර්ධනයේ වෙනස්වීම සහ මුහුදේ මතුපිට උෂ්ණත්වය වෙනස් වීම වැනි සාධක සාගරය අඳුරු වීමට හේතු කාරක වන බව මෙම පර්යේෂණයට අනුව හෙලිවී තිබෙන බව සදහන්.

අඳුරු වීම නිතර ම දක්නට ලැබෙන්නේ අධික වර්ෂාපතනය නිසා කෘෂිකාර්මික රසායන ද්‍රව්‍ය ගොඩබිමෙන් සෝදා ගෙන ගොස් ජලයට එක්වන වෙරළබඩ ප්‍රදේශවල බවද හෙළිකරගෙන තිබෙනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »