Search

රැකියා කිහිපයක් සොයන ඕස්ට්‍රේලියානුවෝ

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, රැකියා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කරන ඕස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයින් 963,100 ක් , නැතහොත් ශ්‍රම බලකායෙන් 6.5% ක් , එක් රැකියාවකට වඩා සිදු කරන බවයි ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය අනාවරන කර තිබෙන්නේ.

මෙම අගය පූර්ව කොවිඩ් මට්ටම් හා සසඳන විට සැලකිය යුතු ඉහළ යාමක් සනිටුහන් කරන බවයි කාර්යාංශය පෙන්වා දෙන්නේ.

Seek ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ බ්ලෙයාර් චැප්මන් පවසන්නේ පවතින ජීවන වියදම් අර්බුදය නිසා අමතර ආදායමක් සෙවීමට වැඩි සේවකයින් පිරිසක් පෙළඹෙන බවයි.

4.1% ක ස්ථාවර විරැකියා අනුපාතයක් තිබියදීත්, ඉහළ යන උකස් ගෙවීම් සහ ජීවන වියදම් පීඩනය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් මිලියන 1 කට ආසන්න සංඛ්‍යාවක් දෙවන රැකියා වලට පෙලඹෙන බවයි අනරවන වී තිබෙන්නේ.

බොහෝ සේවකයින්ට ඔවුන්ගේ ප්‍රධාන රැකියාවෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම මෙලෙස තවත් රැකියාවලට පෙලඹීමට හේතු වී ඇති බවද සදහන්.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »