Search

ICC Hall Of Fame සදහා ක්‍රීඩකයින් තෝරාගැනීම හෙට ලන්ඩන්හිදි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ජුනි 9 වන සඳුදා දින ලන්ඩනයේ උත්සවයකදී ICC Hall of Fame සදහා ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත් කිරීමේ උළෙල සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා රටවල් හයකින් පැමිණි පිරිමි ක්‍රීඩකයින් පස් දෙනෙකු සහ කාන්තා ක්‍රීඩකයින් දෙනෙකු තෝරාගනු ලබනවා.

‘A Day with the Legends’ නමින් උත්සවය නම් කර ඇති අතර විවිධ රටවල්වල ICC විකාශන සාමාජික මාධ්‍ය මගින් සජීවීව විකාශනය කිරීමටද නියමිතයි.

ICC කීර්තිමත් ක්‍රීඩකයින්, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සහ මාධ්‍ය සාමාජිකයින් විසින් ක්‍රීඩකයින් තෝරාගැනීම සදහා ඡන්දය ප්‍රකාශ කරනු ලබනවා.

තෝරාගන්නා ක්‍රීඩකයින් හත්දෙනා ක්‍රීඩාවට දැක්වූ දායකත්වයට ගෞරව දැක්වීම සඳහා සමරු හිස් වැසුම් ප්‍රදානය කිරීමද එහිදී සිදුවනවා.

බ්‍රිතාන්‍ය වේලාවෙන් 4.30ට ඇරඹෙන මෙම උත්සවය, ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරඟයට පෙර පැවැත්වෙන විශේෂ සිදුවීමක් වන අතර එහිදී දකුණු අප්‍රිකාවේ ටෙම්බා බාවුමා සහ ඔස්ට්‍රේලියාවේ පෑට් කමින්ස් ඔවුන්ගේ අදහස් දැක්වීමට නියමිතයි

මෙම උත්සවය JioHotstar (ඉන්දියාව), Sky Sports (එංගලන්තය සහ අයර්ලන්තය), Amazon Prime Video (ඔස්ට්‍රේලියාව), SuperSport (අප්‍රිකාව), Sky TV (නවසීලන්තය), Ten Sports , PTV (පාකිස්ථානය), TV1 MTV (ශ්‍රී ලංකාව – late telecasting), Criclife , Starzplay (MENA), ESPN (කැරිබියන්), Willow (ඇමරිකාව සහ කැනඩාව), Ariana TV (අෆ්ගනිස්ථානය), Hub Sports 4 (සිංගප්පූරුව), සහ icc.tv (අනෙකුත් රටවල්) ඔස්සේ සජීවීව විකාශය වේ.

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »