
වික්ටෝරියා Lockdown කාලසීමාව තුළ JobKeeper දීමනා ලබාදීම නැවත ආරම්භ කරන්නැයි වෘත්තීය සමිති ඔස්ටේ්‍රලියා මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී.
රජයේ මූල්‍ය ප්‍රදානයක් නොමැතිව පවතින තත්වයෙන් ගොඩ ඒමට නොහැකි බවයි ACTU සභාපතිනී Michele O’Neil පෙන්වා දෙන්නේ.
Lockdown තත්වයකට යාමට සිදුවූයේ අගමැති ස්කොට් මොරිසන්ගේ රජයේ දුර්වල පිළිවෙත හේතුවෙන් බවටද ඇය චෝදනා කරනවා.

“ජොබ්කීපර් ඉක්මනින් අවසන් කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණය කිසිසේත් පිළිගත නොහැකියි. ජනතාවට රැකියා අහිමිවන තැන ජොබ් කීපර් නැවත ස්ථාපනය කළ යුතුයි” ACTU සභාපතිනී Michele O’Neil පෙන්වා දෙනවා.
ව්‍යාපාර සහ සේවකයින්ට සහාය දැක්වීම සඳහා ෆෙඩරල් රජය විසින් අරමුදල් සපයන ලද JobKeeper වැඩසටහන මාර්තු අග දී අවසන් විය.

එබැවින් ආගන්තුක සත්කාර (hospitality) වැනි ක්ෂේත්‍රවල සේවය කරන බොහෝ වික්ටෝරියා ප්‍රාන්ත වාසීන් වැටුප් රහිත සතියක් අපේක්ෂාවෙන් සිටිති.