Search

දූපතක ගිලෙමින් තිබූ බෝට්ටුවක සිට පුද්ගලයන් බේරාගනී

හොස්කින් දූපත අසළදී ගිලෙමින් තිබූ බෝට්ටුවක සිටි පුද්ගලයින් සිව් දෙනෙකු බේරාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සමුද්‍රීය ආරක්ෂක අංශ සදහන් කලේ හොස්කින් දූපත අසළ බෝට්ටුවක් ගිලී යන බවට හදිසි සංඥා යන්ත්‍රයකින් පණිවිඩයක් ලැබුනු බවයි.

මෙම බෝට්ටුව ග්ලැඩ්ස්ටන් ප්‍රදේශයේ උතුරු-නැගෙනහිර දිශාවට කිලෝමීටර් 55 ක් පමණ දුරින් තිබියදී ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.

LifeFlight ගුවන් ආරක්ෂක සේවයේ නියෝජිතයෙකු පවසන්නේ මෙම පුද්ගලයින් සිව් දෙනා දින දෙකකට පෙර මසුන් ඇල්ලීමට ගොස් දූපතේ නවාතැන් ගෙන ඇති බවයි.

 

නැවත පැමිණෙමින් සිටියදී කාලගුණය අයහපත් වූ නිසා ඔවුන්ගේ බෝට්ටුව ජලයෙන් පිරී ගිලීමට පටන් ගෙන තිබෙනවා.

සිදුවීමෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති අතර මුහුදු යන විට හදිසි සංඥා යන්ත්‍ර රැගෙන යාමේ වැදගත්කම ආරක්ෂක අංශ පෙන්වා දුන්නා.

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජූනි මාසයේ ණය ගැනීමේ පිරිවැය අඩුවීම සහ උද්ධමනය ස්ථාවර

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »

අවුරුදු 6 ක දැරියක් 45 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කරදීමේ පුවතක්

වයස අවුරුදු හයක ගැහැණු දරුවෙකු 45 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ කරදීමට තැත් කිරීමේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වනවා. 

Read More »