
සතියක් පුරා වික්ටෝරියා හි දියත් කල ප්‍රධාන පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් රියදුරන්ගෙන් තුනෙන් එකක් පමණ වේග සීමාව දෙගුණයකටත් වඩා ඉක්මවා ධාවනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙහෙයුම් ප්‍රධානී Frank Cuce පවසා සිටියේ දිනකට වේග සීමාව ඉක්මවා ධාවන කරන රියදුරන් 61ක් පමණ අත්අඩංගුවට ගත් බවයි.
අධිවේගී මාර්ගයේ 100 kmph වේග සීමා කලාපයේදී බොහෝ රියදුරන් 131 kmph වඩා වැඩි වේගයෙන් වාහනය ධාවනය කරන බවද නිළධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා.

තවද මත්පැන් පානය කල රියදුරන් 32කු සහ ආබාධිත
තත්වයේ සිටියදී රිය පැදවූ පුද්ගලයින්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කර සිටියා.
ඇතැම් රියදුරන්ට ක්ෂනික දඩ නියම කර ඇති අතර ඔවුන්ගේ වාහනද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සතිය පුරාවට මාර්ග නීති කඩ කල රියදුරන් 1850 කට වැඩි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි සතිය පුරාවටම වික්ටෝරියානු මාර්ගවල මෙම මෙහෙයුම් දියත් කිරීමට නියමිත බව මෙහෙයුම් ප්‍රධානී Frank Cuce මෝටර් රථ හිමියන්ට අනතුරු අඟවා සිටියා.