Search

AirPods නිසා මෙල්බන් වැසියෙකුගේ වාහනයක් බේරාගනී

මෙල්බන්හි ජෝන් තියොස් නම් පුද්ගලයෙකුට අයත් V8 රථයක් සන්ෂයින් රෝහල අසල නවතා තිබියදි සොරකම් කර තිබෙනවා.

ඔවුන් රෝහලේදී මිය යමින් සිටි පවුලේ සාමාජිකයෙකුට සමුදීමට ගිය අවස්ථාවෙදී තවත් පුද්ගලයෙකු වාහනයේ අඟුලු කඩා වාහනය පැහැරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව වාහනයේ තිබූ AirPods මඟින් සොරකම් කල වාහනයේ ස්ථානය සෙවීමට හැකියාව ලැබී අති අතර තවත් වාහනයකින් එය හඹා යාමට ඔහු තීරණය කර තිබෙනවා.

සොරකම් කරන ලද වාහනය මෙල්බන් නගරයේ උතුරු දෙසට ගමන් කරමින් තිබෙන බව දුටු ඔහු පොලීස් සහයද ඒ සහදා ඉල්ලා සිටියා.

පසුව සොරකම් කල පුද්ගලයින් වාහනය උසාවියක් අසල දමා පලාගොස් තිබෙනවා.

AirPods නිසා තම පවුලේ වටිනා වාහනය නැවත ලබාගැනීමට හැකි වූ බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »