
ඔස්ට්‍රේලියාවේ වසර ගණනාවක් පුරාම පවතින නිවාස අර්බුදයට විසඳුමක් වික්ටෝරියා ව්‍යාපාරික බ්‍රැඩ් බුසුටිල් හදුන්වා දී තිබෙනවා.
ඔහු විසින් නවීන containers භාවිතා කරමින් දින 12 ක් ඇතුලත නිවසක් සකස් කරන බවයි වාර්තා වන්නේ.
එම නිවාස ඩොලර් 70,000කට වඩා වඩා අඩු මුදලකට ඔහු ලබාදෙන අතර “Deluxe Tiny Homes” නම් ව්‍යාපාරය හරහා නිවාස විකිණිම කටයුතු සිදුකරනවා.

මෙම නිවෙස් සාම්ප්‍රදායික ගෙවල්වලට සමානව සකස් කරන අතර කාමර, මුළුතැන්ගෙය,නාන කාමරය ඇතුලු අංග සම්පූර්ණ නිවසක් සාදා විදුලිය සහ ජලනල සම්බන්ධ කරන ආකාරය පිලිබඳ පාරිභෝගිකයින්ට උපදෙස් ද ලබා දෙනවා.
ඔහු මේ වන විට පාරිභෝගිකයන් 15 දෙනෙකුට නිවාස ඉදිකරදී ඇති අතර ඔහු කියා සිටියේ මෙය දිගුකාලීන විසඳුමක් නොවුනත් කෙටිකාලීනව නිවසක් අවශ්‍ය අයට උදව්වක් විය හැකි බවයි.

ඔහුගේ පාරිභෝගිකයන් වැඩි වශයෙන් නිවසක් ගොඩනැගීමට හැකියාවක් නැති හෝ පිටත තාවකාලිකව ජීවත් වන පුද්ගලයින් සහ විශ්‍රාම ගිය දෙමාපියන් වන බවයි ඔහු සදහන් කර සිටියේ.
නිවාස අර්බුදය නිරන්තරයෙන් පවතින තර්ජනයක් වන බැවින්, අවශ්‍යතා ඇති අයට එය කෙටි කාලීන විකල්පයක් වන බව ඔහු කියා සිටියා