
ශාක පදනම් කරගත් මධ්‍යසාරයක් (Alcohol) මේ මාසයේ අලෙවි කිරීමට Woolworths සූදානම් වනවා.
එමගින් මානසික විවේකය, මනෝභාවය වැඩිදියුණු කිරීම සහ ආරක්ෂිත විකල්පයක් ලෙස මෙම ශාක පදනම් කරගත් නිෂ්පාදනය සාදා ඇති බවයි පැවසෙන්නේ.
පැසිෆික් දූපත් ශාකයක මූලයෙන් සාදන ලද කටුක රසැති පානයක් වන kava , Polynesia හි සාම්ප්‍රදායික උත්සව වලදී දිගු කලක සිට භාවිතයට ගැනෙනවා.

දැන්, එය ඕස්ට්‍රේලියාව පුරා සුපිරි වෙළඳසැල්වල ශරීරයට හිතකර පානයක් ලෙස අලෙවි කෙරෙනවා.
කාවා වල ඇති ක්‍රියාකාරී සංයෝග මොළයේ රසායනික ද්‍රව්‍යවලට බලපෑම් කිරීමෙන් සන්සුන් බලපෑමක් ඇති කළ හැකි බවයි Mental Health සහ Brain Science මධ්‍යස්ථානයේ මහාචාර්ය Blair Aitken පවසන්නේ.

එමගින් කාංසාව අඩු කළ හැකි අතර මධ්‍යසාරවල මත්වන බලපෑම් නොමැතිව විවේකය ප්‍රවර්ධනය කළ හැකි නමුත්, එහි බලපෑම නවීන ක්‍රම භාවිත කිරීමෙන් ගුණාත්මකභාවයේ ගැටළු මතුවිය හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියාසිටියා.