
අත්අඩංගුවට පත් සංක්‍රමණිකයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් පිරිසක් ඇමරිකාවේ ෆෙඩරල් රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිරිපිට විරෝධතාවක නිරත වී සිටිනවා.
ස්වදේශ ආරක්ෂක විමර්ශන ප්‍රකාශක යස්මින් පිට්ස් ඕ’කීෆ් පැවසුවේ ඊයේ ස්ථාන කිහිපයක ආගමන උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් හතළිස් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
ඒ ආගමන හා රේගු බලාත්ක කිරීමේ නිළධාරීන් ස්ථාන කිහිපයක සිදුකළ සෝදිසි වරෙන්තුවකට අනුවයි.

ඊට විරෝධය පළකරමින් සිය ගණනක පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයේ යෙදී සිටින අතර ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරද එල්ල කරමින් සිටිනවා.
ජනතාව කෑ ගසමින් සිටියදී සහ ඔවුන්ගේ ජංගම දුරකථනවලින් එම දර්ශනය රූගත කරන අතරතුර පොලිස් නිලධාරීන් මාර්ගවල flash bangs වීසි කරමින් පිරිස විසුරුවා හැරීමට උත්සහ කරනවා.

මේ අතර ප්‍රධාන කම්කරු සංගමයක් වන SEIU කැලිෆෝනියාවේ සභාපතිවරයා විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ෆෙඩරල් නියෝජිතයෙකුට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ බවයි එක්සත් ජනපද නීතිපති කාර්යාලය පැවසුවේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණිකයින් සමූහ පිටුවහල් කිරීමේ පොරොන්දුව ඉටු කිරීම සඳහා ෆෙඩරල් ආගමන බලධාරීන් රට පුරා අත්අඩංගුවට ගැනීම් වේගවත් කරමින් සිටිනවා.
ICE දිනකට සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගැනීම් 1600 ක් පමණ සිදු කරන බවත් ඒජන්සිය “භයානක අපරාධකරුවන්” අත්අඩංගුවට ගෙන ඇති බවත් ස්වදේශ ආරක්ෂක විමර්ශන ප්‍රකාශකවරයා පවසා තිබුණා.