
රජය තම පොරොන්දු ඉටු කිරීමට අසමත් වීම හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන්රථ පිටත රැඳී සිටීමේ කාලය (ramping) වාර්තාගත ලෙස ඉහළගොස් ඇතැයි චෝදනා එල්ල වනවා.
ගිලන්රථ සංගමය පවසන්නේ මෙම ශීතකාලය තුළ තත්ත්වය තවත් බරපතල වීමේ දැඩි අවධානමක් පවතින බවයි.
2022 මාර්තු මාසයේදී මැලිනෝස්කාස් [Malinauskas] රජය බලයට පත්වීමෙන් පසු ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතියට බිලියන ගණනක අමතර අරමුදල් වෙන් කර තිබුණා.

එහෙත් අපේක්ෂා කළ ප්‍රතිඵල තවමත් නොලැබී ඇති බවයි සංගමය පෙන්වා දෙන්නේ.
දකුණු ඕස්ට්‍රේලියානු රෝගීන් මැයි මාසයේදී රජයේ රෝහල්වලින් පිටත ගිලන් රථවල පැය 4,791 ක් ගත කර තිබෙනවා.

එය පෙර මාසයට වඩා පැය දහසක වැඩිවීමක් බවයි ප්‍රාන්ත රජය ප්‍රකාශයට පත් කළ දත්තවල දැක්වෙන්නේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස් පික්ටන් Chris Picton පවසන්නේ පසුගිය මාසයේ රජයේ රෝහල් සැලකිය යුතු පීඩනයකට ලක්ව ඇති බවයි.
එහෙත් වෛද්‍යවරුන් සහ හෙදියන් බඳවා ගනිමින් හැකි සෑම ඇඳක්ම විවෘත කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.