Search

වික්ටෝරියාවේ prostate cancer රෝගීන්ට නව බලාපොරොත්තුවක්

 

වික්ටෝරියාවේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන්ට (prostate cancer) නව තාක්ෂණික ප්‍රතිකාර දෙකක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙමගින් කැනඩාවේ ඇති වඩාත්ම දියුණු රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

PSMA PET Scan (Prostate-Specific Membrane Antigen Positron Emission Tomography) සහ Pluvicto Therapy (Lutetium vipivotide tetraxetan) මෙම ප්‍රතිකාර ක්‍රම වනවා.

පිළිකාව සොයා ගැනීම සහ විශේෂ නිරීක්ෂණයට ලක් කිරීම, සිරුරේ පිළිකා සෛල සෘජුවම අල්ලා විනාශ කිරීම ඉන් සිදු කෙරෙනවා.

කිරණ ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය Abraham Alexander සඳහන් කරන්නේ මෙවැනි උසස් තාක්ෂණික පියවර දෙකක් එක්වීම හේතුවෙන් පිළිකා රෝගීන් සඳහා කළ හැකි ප්‍රතිකාර ඉහළ යන බවයි.

රෝගය ඉක්මනින් හඳුනාගත හැකිවීම, වැඩි ආයු අපේක්ෂාව සහ බලාසිටීමේ කාලය (waiting lists) අඩුවීම වැනි ප්‍රතිලාභ ද මෙහිදී අපේක්ෂා කළ හැකියි.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »