
ක්වීන්ස්ලන්තයේ දූපත් නිවාඩු නිකේතන රජයේ පාලනයට ගෙන තිබෙනවා.
රජය චෝදනා කරන්නේ මෙම ඉඩම් තැන්පත් කිරීම (land banking) සඳහා පමණක් භාවිත කරන බවයි.
නව සංවර්ධනයක්, ආයෝජනයක් හෝ නිකේතන නැවත විවෘත කිරීමක් සිදු නොවීම නිසා ඒවා විනාශ වී ඇති බවයි රජය පෙන්වා දෙන්නේ.

මෙම දේපළ නැවත භාවිතයට ගැනීම සඳහා ක්වීන්ස්ලන්ත රජය නීතිමය ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා.
කොන්ත්‍රාත් අහෝසි කිරීම, භූමි වාණිජ භාවිතයෙන් ඉවත් කිරීම හෝ නව ආයෝජකයන් වෙත භාරදීම එහිදී සිදු කිරීමට නියමිතයි.

අධික මුදල් වැය කරමින් 1980-90 දශකවලදී ක්වීන්ස්ලන්තයේ ඉදි කළ දූපත් හෝටල් කිහිපයක් මේ වනවිට විනාශ මට්ටමේ පවතිනවා.
ඒවා විශේෂ VIP අමුත්තන්, නලු නිලියන් සහ ව්‍යාපාරිකයන් සඳහා වෙන් කර තිබුණා.
නව තීරණය මගින් අනාගත සංචාරක දැක්මට හා ආර්ථික දියුණුවට දායක වන පරිදි ඒ්වා නැවත සක්‍රිය කිරීමට උත්සාහ දරන බවයි රජය පවසන්නේ.