
ඉදිරි දින කිහිපයේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය ඇතුලු ප්‍රාන්ත කිහිපයකට වැසි සහ දැඩි හිම පතනයක් අපේක්ෂා කරන බව කාලගුණ වාර්තා පවසනවා.
මෙම අඩු පීඩන පද්ධතිය යටතේ නිව් සවුත් වේල්ස් [New South Wales], ACT, වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාවට බලපෑම් සිදුවන වන බවටයි කාලගුණ වාර්තා අනාවැකි පළ කරන්නේ.
ඒ් අනුව මෙල්බන් සහ ඇඩිලේඩ් 6°C ක්, කැන්බරා 0°C ක්, හෝබාට් 4°C ක් සිඩ්නි 8°C ක් දක්වා උෂ්ණත්වය පහළ යනු ඇති.

මෙම උෂ්ණත්වයන් වලාකුළු සහ සුළඟ සමඟ එක්වීමෙන් දැඩි සීතලක් හටගන්නා බවටයි වාර්තා වන්නේ.
New South Wales, ACT සහ වික්ටෝරියා හි ski සමය ආරම්භ කිරීමට ප්‍රමාණවත් ස්වාභාවික හිම පතනයක් මෙම පද්ධතිය මගින් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම තත්ත්වය උතුරු දිශාවට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේදී අවම වනු ඇතැයි කාලගුණ අංශ පෙන්වා දෙනවා.