Search

චීන ජනගහනය අඩුවෙන්න කාන්තාවන්ගේ තීරණයක් හේතුවෙයි

2024 වසරේදීත් චීනයේ ජනගහනය අඛන්ඩව 3 වන වරටත් පහත වැටී තිබෙනවා.

උපත් අනුපාතය පහත වැටීමත් සමඟ චීන රජය එක් දරු ප්‍රතිපත්තියද ලිහිල් කර, දික්කසාද සඳහා දින 30 ක කාලයක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ජාතික මහජන කොංග්‍රසයේ පූර්ණ රැස්වීමේදී චීන ජනතාවට “ආදරය භුක්ති විඳීමට” සතියක නිවාඩුවක් ලබා දීමට යෝජනා කර තිබෙනවා.

නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ චීන අධ්‍යයනයන් පිළිබඳ සමාජ විද්‍යාඥයෙකු වන පෑන් වැන්ග් පැවසුවේ චීන කාන්තාවන් මේ වනවිට විවාහය ප්‍රතික්ෂේප කිරීමට පෙළඹී ඇති බවයි.

ඒ ගෘහ සේවයේ අසමාන ව්‍යාප්තිය,  පිරිිමියා ගෘහමූලිකයාවීම සහ දැඩි සමාජ පීඩනය ඊට හේතුවෙයි.

සමාජ මාධ්‍යයන්හි කාන්තාවක් කියාසිටියේ තමන් ආදරය ප්‍රතික්ෂේප නොකරන නමුත් 30 ට පෙර ‘විවාහ විය යුතුයි’ යන ගණන් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.

චීනයේ ස්ත්‍රී පුරුෂ අසමානතාවය ඉහළින්ම පවතින රටක් ලෙසයි වාර්තා වන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »