Search

ටස්මේනියාවේ අතුරුදන් වූ සංචාරකයින්ගේ ඛේදවාචකය

පසුගිය බදාදා සිට ටස්මේනියාවේ අතුරුදන් වූ සංචාරකයින් දෙදෙනා මියගොස් ඇතැයි පොලීසිය තහවුරු කර තිබෙනවා.

Leannedra Kang සහ Takahiro Toya  ජුනි 4 වන දින ටස්මේනියාවේ Launceston සිට බ්‍රිස්බේන් බලා යන ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතව සිටියා.

නමුත් ඔවුන් කිසි විටෙකත් ගුවන් යානයට නැග හෝ ඔවුන්ගේ කුලී මෝටර් රථය ආපසු ලබාදී නොමැති බවයි වාර්තා වුණේ.

බ්‍රිස්බේන් සිට පැමිණි මෙම යුවළ St Helens සහ Scamander ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරමින් සිටි අතර, අවසන් වරට ජුනි 3 වන දින North Hobart හි ඔවුන්ගේ නවාතැන්පලෙන් පිටව ගොස් තිබෙනවා.

පසුව ඊයේ සවස, ඊසානදිග ටැස්මේනියාවේ අනතුරට ලක් වූ වාහනයක් අසල ඔවුන් මියගොස් සිටියදී පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

පොලිස් පරීක්ෂක ලූක් මෑන්හුඩ් පැවසුවේ ඊයේ සවස 5.30 ට Tebrakunna මාර්ගයේ ජලයේ තිබී මෝටර් රථය සොයා ගත් බවයි.

වාහනය මාර්ගයෙන් ඉවතට පැන ජලයට වැටී ඇති බව විශ්වාස කෙරෙන අතර  මූලික පරීක්ෂණවලින් කිසිදු සැක සහිත තත්වයක් නොමැති බවද මෑන්හුඩ් සඳහන් කළා.

දෙදෙනාම වයස අවුරුදු 20 ගණන්වල පසුවිය හැකි බවයි පොලීසිය විශ්වාස කරන්නේ.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »