
අතුරුදන්ව සිටි ක්වින්ස්ලන්ඩ් තරුණිය වන Pheobe Bishop ගේ දේහය බවට සැකකෙරෙන සිරුර ඇයගේ බවට අද තහවුරු කර ගෙන තිබෙනවා.
ඊයේ පස්වරු 2.30 ට පමණ ජින් ජින් සිට පැයකටත් අඩු දුරකින් පිහිටි Good Night Scrub ජාතික වනෝද්‍යානය අසල ඝන පඳුරු බිමකින් වට වූ මාර්ගයකදී දේහය හමුවූ බවයි වාර්තා වන්නේ.
17 හැවිරිදි දැරිය මැයි 15 වන දින බටහිර ඕස්ට්‍රේලියාවේ සිටින ඇගේ පෙම්වතා බැලීමට Bundaberg ගුවන් තොටුපළේ සිට පියාසර කිරීමට නියමිතව සිටියා.

නමුත් ඇය කිසිවිටෙකත් ගුවන් ගමනකට සූදානම් වී නොමැති බවයි පොලීසිය සැකපළ කරන්නේ.
ක්වින්ස්ලන්ඩ් රහස් පරීක්ෂක Craig Mansfield පැවසුවේ දේහය විධිමත් ලෙස හඳුනා ගැනීම සඳහා තවදුරටත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදු කරන බවයි.

කෙසේනමුත් 17 හැවිරිදි තරුණියගේ ගමන් මලු සහ දුරකථනය සොයාගත නොහැකි වූ බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර ෆියෝබ්ගේ නිවසේ සගයන් වන 34 හැවිරිදි ජේම්ස් වුඩ් සහ ඔහුගේ සහකරු වන 33 හැවිරිදි ටානිකා බ්‍රොම්ලි, පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ බුන්ඩබර්ග්හිදී අත්අඩංගුවට ගැණුනා.
ඔවුන්ට මිනීමැරුම් චෝදනාවක් ඇතුළු තවත් චෝදනාවක් එල්ල වී තිබෙනවා.