
මෙල්බන් shopping centre හි උල් ආයුධ රැගත් යෞවනයින් පිරිසක් හේතුවෙන් වූ lockdown කළ සිදුවීමෙන් පසු තවත් සිද්ධියක් ඊයේ වික්ටෝරියාවෙන් වාර්තා වී තිබෙනවා.
වික්ටෝරියා පොලිසිය පැවසුවේ ඊයේ සවස 6:40 ට පමණ Caroline Springs හි CS චතුරශ්‍රය තුළ සන්නද්ධ පිරිමින් පස් දෙනෙකු හෝ හය දෙනෙකු එකිනෙකා සමඟ වාද කරමින් සිටි බවයි.
ඒ හේතුවෙන් පොලිසිය පැමිණෙන තෙක් සාප්පු සංකීර්ණය වසා දැමීමටයි කටයුතු කර තිබුණේ.

ඒ වනවිටත් කණ්ඩායම එම ස්ථානයෙන් පලා ගොස් සිටි නමුත් කිසිදු තුවාලයක් වාර්තා වී නැහැ.
පොලිසිය දිගටම විමර්ශනය කරමින් සිටින අතර සාක්ෂිකරුවන්ට හෝ වීඩියෝ ඇති ඕනෑම අයෙකුට Crime Stoppers දැනුවත් කරන ලෙසයි ඉල්ලා සිටියේ.

සති දෙකකට පෙර සිදුවූ මෙවැනි ගැටුමක් හේතුවෙන් මැයි 25 වන දින Preston හි Northland Shopping Centre අගුලු දමා තිබුණා.