Search

වික්ටෝරියාවේ Ski Season සඳහා හොඳම ස්ථාන

වික්ටෝරියාවේ ski season මෙම සති අන්තයේ නිළ වශයෙන් විවෘත කර තිබෙනවා.

Skiing සහ winter sports ක්‍රීඩා ලෝලීන් ඇල්පයින් කලාපයේ වික්ටෝරියාවේ ප්‍රියතම ski ලැගුම්හලක නැවතී මෙම අත්දැකීම විඳගැනීමට පැමිණෙන ලෙසයි බලධාරීන් ආරාධනා කරන්නේ.

මෙම ශීත ඍතුවේ ඕනෑම ස්කී කලාපයක driving  කරන්නේ නම්, හිම වල driving කිරීම සඳහා මාර්ගෝපදේශයන් කලින් පරීක්ෂා කිරීමට වග බලා ගන්නා ලෙසද බලධාරීන් දැනුම්දෙනවා.

Alpine කලාපය පුරා නිවාඩු නිකේතනයන්හි හිම සෙන්ටිමීටර 19 ක් දක්වා වාර්තා වී තිබෙනවා.

Hotham කන්ද මත සෙන්ටිමීටර 19 ක හිම පතනයක් වාර්තා වූ අතර, අඟහරුවාදා දක්වා එය පවතිනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.

ඊයේ රාත්‍රීයේ එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක -2.6 දක්වා පහත වැටී තිබෙනවා.

Buller  කන්දේ හිම සෙන්ටිමීටර 7 ක් ලැබුණු අතර, එමඟින් නිවාඩු නිකේතනයේ සාමාන්‍ය ගැඹුර සෙන්ටිමීටර 30 ඉක්මා ඇති බවද සඳහන්.

ski season නිල වශයෙන් ජුනි මාසයේදී ආරම්භ වන අතර සැප්තැම්බර් අග සිට ඔක්තෝබර් ආරම්භය දක්වා පැවතිය හැකියි.හිම

හිම ක්‍රීඩා සඳහා කඳුකරයට හෝ ඇල්පයින් ගම්මානවලට යාම  හොඳම තේරීමයි.

මවුන්ට් බුලර්, ෆෝල්ස් ක්‍රීක් සහ මවුන්ට් හොතම් වැනි ජනප්‍රිය හිම සහ ස්කී ස්ථානවල නිවාඩු නිකේතනයන්හි හිම ගැඹුරේ ගුණාත්මකභාවය, අඛණ්ඩ හිම තොරතුරු පිළිබඳ නිතිපතා හිම වාර්තාවක් ද සංචාරකයින් වෙනුවෙන් ලබාදෙනු ලබනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »