
නිවාස ගැටළුවට විසඳුම් ලබානොදුනහොත් ඔස්ට්‍රේලියානු පරම්පරාවක් ලේබර් පක්ෂයට එරෙහිව කටයුතු කරනු ඇතැයි නිවාස අමාත්‍ය Clare O’Neil පවසනවා.
ABC සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ නිවාස සැලසුම් කිරීම සහ ඉදිකිරීම් සඳහා නියාමනය වැඩි වී ඇති අතර එය බොහෝ දුරට ප්‍රාන්ත සහ ප්‍රදේශ සහ පළාත් පාලන ආයතන විසින් කළමනාකරණය කරන බවයි.
මැතිවරණ පොරොන්දු ලෙස සියයට පහක තැන්පතු සහ පළමු ගැනුම්කරුවන් සඳහා නිවාස ලක්ෂයක් ලබාදීම මෙන්ම රට පුරා නිවාස මිලියන 1.2 ක් ඉදිකිරීමට යෝජිතයි.

ඕස්ට්‍රේලියාවේ නිවාස ඉදිකිරීම් අංශයේ ඵලදායිතා වර්ධනය පිළිබඳ ඵලදායිතා කොමිසමේ වාර්තාවකින් හෙළි වූයේ පසුගිය වසර 30 තුළ පැයකට ඉදිකරන ලද මුළු නිවාස සංඛ්‍යාව අඩකට වඩා අඩු වී ඇති බවයි.
ශ්‍රම ඵලදායිතාව පිළිබඳ ගැටළුව ඊට හේතුවී ඇති අතර එම කාලය තුළ ඵලදායිතාව සියයට 12 කින් පහත වැටී ඇති බවද සොයා ගෙන තිබෙනවා.

2029 මැද භාගය දක්වා වසර පහ තුළ නිවාස මිලියන 1.2 ක් ලබා දීමේ ඉලක්කයට ලේබර් පක්ෂය අසමත් වනු ඇති බවයි විපක්ෂය සහ හරිත පක්ෂයේ චෝදනාව වන්නේ.
කෙසේවෙතත් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා සෑම වසරකම සාමාන්‍යයෙන් නිවාස 240,000 ක් සම්පූර්ණ කළ යුතු වන බවයි නිවාස අමාත්‍යවරිය වැඩිදුරටත් කියාසිටියේ.