Search

2026 FIFA තරඟාවලියට සුදුසුකම් ලැබූ ආසියානු රටවල්

2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය කිසිදා නොවූ විරූ ලෙස පැවැත්වීමට මෙවර තීරණය කර තිබෙනවා.

තරඟාවලියේ ඉතිහාසයේ පළමු වතාවට, පාපන්දු ක්‍රීඩාවේ වඩාත්ම වටිනා ත්‍යාගය සඳහා ජාතීන් 48 ක් තරඟ වැඳීමට නියමිතයි.

මීට පෙර කුසලානය සඳහා තරඟ වැදුනේ කණ්ඩායම් 32 ක් පමණයි.

එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව යන සියල්ලම ඔවුන්ගේ සම-සත්කාරක ගිවිසුම හේතුවෙන් ස්වයංක්‍රීය සුදුසුකම් ලබා තිබෙනවා.

ලෝක පාපන්දු ශූරතාවලිය වෙනුවෙන් ආසියාවෙන් මේ වනවිට සුදුසුකම් ලබා ඇත්තේ ජපානය, ඉරානය, උස්බෙකිස්ථානය, දකුණු කොරියාව සහ ජෝර්දානයයි.

තරඟාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරඟ ආරම්භවූයේ 2023 සැප්තැම්බර් මාසයේ සිටයි.

එහිදී පළමුව සුදුසුකම් ලැබූ රට බවට පත්වූයේ ජපානයයි.

2026 තරඟාවලිය ජුනි 11 වන බ්‍රහස්පතින්දා සිට ජූලි 19 වන ඉරිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පසුගිය 2022 කටාර්හි පැවති FIFA තරඟාවලියේදී ප්‍රංශය පරදා ආර්ජන්ටිනාව ශූරතාව දිනාගැනීමට සමත්වූණා.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »