Search

ඔස්ට්‍රේලියා යුධ නෞකාවක් නිසා නවසීලන්තයේ internet අවුල් වුන හැටි

ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ (ADF) යුධ නෞකාවක් හේතුවෙන් නවසීලන්තයේ සමහර ප්‍රදේශවල අන්තර්ජාල සහ ගුවන් විදුලි විසන්ධි කිරීම් ඇති කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ විශාලතම නාවික නෞකාව වන HMAS කැන්බරා, පසුගිය බදාදා වෙලින්ටන් බලා යමින් වෙරළ තීරය දිගේ ගමන් කරමින් සිටියා.

එහිදී navigation රේඩාර් මගින් Taranaki සහ Marlborough  කලාපය හරහා රැහැන් රහිත ජාල විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

එය වාර්තාවීමත් සමග නවසීලන්ත ආරක්ෂක බලකාය ඔස්ට්‍රේලියා ආරක්ෂක හමුදාව අමතා තිබෙනවා.

පසුව ඒ බව දැනුවත්වීමෙන් අනතුරුව HMAS කැන්බරා බාධා නිවැරදි කිරීම වෙනුවෙන් frequencies වෙනස් කර ඇති බව සඳහන්.

මේ අතර නවසීලන්ත විදුලි සංදේශ සමාගමක් වන ප්‍රයිමෝ හි නිර්මාතෘ මැතිව් හැරිසන් පැවසුවේ මෙවැනි සිද්ධියකට මුහුණදුන් පළමු අවස්ථාව මෙය බවයි.

 

 

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජූනි මාසයේ ණය ගැනීමේ පිරිවැය අඩුවීම සහ උද්ධමනය ස්ථාවර

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »