Search

හදවත් හඩවමින් මුහුදේ පාවෙන මවකගේ අළු බෝතලය

එංගලන්තයේ ඕල්ඩ්හැම්හි 24 හැවිරිදි Cara Melia ට අවශ්‍ය වූයේ ඇගේ මියගිය මවට ලෝකය පුරා සංචාරය කිරීමට අවස්ථාව ලබා දීමටයි.

ඇගේ මව වන Wendy Chadwick වයස අවුරුදු 51 දී හඳුනා නොගත් හෘද රෝගයකින් මිය ගොස් තිබුනා.

දරුවන් පස් දෙනෙකු සමග තනි මවක් වූ Chadwick ට කිසිදා ලෝකය දැකීමට අවස්ථාවක් නොලැබ තිබූ බවයි දියණිය වන Cara Melia සදහන් කරන්නේ.

මවට ගෞරව කිරීම සඳහා, Cara මවගේ දේහයේ අළු වලින් කොටසක් හෘදයාංගම සටහනක් සමඟ බෝතලයක දමා තිබෙනවා.

එම සටහනේ මෙසේ සඳහන් ව තිබුනා.
“මේ මගේ අම්මා. මෙය ඔබට ලැබුණු විට ඇයව නැවත මුහුදට විසි කරන්න – ඇය ලෝකය සංචාරය කරනවා. ස්තූතියි…

Cara බෝතලය Skegness හි මුහුදට මුදා හැරියේ එය බොහෝ දුර යනු ඇතැයි බලාපොරොත්තුවෙන් වුවද
පැය 12 කට පසු, එය නැවත එම වෙරළටම පැමිණ තිබෙනවා.

එය සොයාගත් පුද්ගලයා මෙම කතාව අන්තර්ජාලය හරහා බෙදා ගත් අතර, එය ඉක්මනින් අන්තර්ජාලය පුරා පැතිරීමට පටන් ගෙන තිබෙනවා.

මවගේ ගමන දිගටම යාම සඳහා බෝතලය ඔහු විසින්ද මුහුදට දමා තිබෙනවා.

Cara Melia බලාපොරොත්තු වන්නේ ඇගේ මව සිහින මැවූ ලෙස කවදා හෝ ස්පාඤ්ඤයේ හෝ බාබඩෝස්හි හිරු එළිය වැටෙන වෙරළකට අළු බෝතලය ළඟා වනු ඇති බවයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »