Search

වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවු තියුණු ආයුධ

වික්ටෝරියා පොලිසිය විසින් වසරේ මේ දක්වා නීති විරෝධී තියුණු ආයුධ 6876 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙල්බර්න්හිදී පමණක් තියුණු ආයුධ 44 ක් අත්අඩංගුවට ගෙන තිබූ බවයි පොලීසිය සදහන් කලේ.

ඒ අනූව වාර්ෂිකව අත්අඩංගුවට ගන්නා නීති විරෝධී තියුණු ආයුධ සංඛ්‍යාව මෙම වසරේදී සියයට 31 කින් ඉහළ ගොස් ඇති බවද සදහන්.

Northland shopping centre ගැටුම සහ Bairnsdale හි සමූහ පිහි ඇනුම ඇතුළු මෑත කාලීන සිදුවීම් නිසා ජනතාව මෙලෙස ආයුධ පැතිරීම සම්බන්දයෙන් බියෙන් පසුවන බවයි පොලිස් ප්‍රකාශකයකු පෙන්වා දුන්නේ.

වික්ටෝරියා පොලිසිය improve safety සහ reduce street violence සඳහා සාප්පු සහ ප්‍රවාහන මධ්‍යස්ථාන ඇතුළු පොදු ස්ථානවල නිතිපතා ආයුධ සෝදිසි කිරීම් සිදුකරනු ලබනවා.

තියුණු ආයුධ ආශ්‍රිත අපරාධ වැළැක්වීම සහ මෑත කාලීන ප්‍රහාරවලින් කම්පනයට පත් ප්‍රජාවන්ට ආරක්ශාව සහතික වීම සඳහා බලධාරීන් විසින් මෙම මර්ධනය සිදු කරන බවද පොලීසිය ප්‍රකාශ කලා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »