Search

E- scooter නීති දැඩි කරන්නැයි ඉල්ලීම්

E- scooter සම්බන්ධ නීති දැඩි කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවදානය යොමු වී තිබෙනවා.

ඒ E- scooter එකක ගැටීමෙන් පර්ත් හිදී 51 හැවිරිදි පුද්ගලයෙකු මිය යාම හේතුවෙන්.

මෙම සිදුවීමෙන් පසු එම වාහන දැඩි ලෙස නියාමනය කිරීම සඳහා නැවත ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

මත්පැන් පානය කර අනතුරුදායක ලෙස E- scooter පදවා පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්දයෙන් 25 හැවිරිදි එංගලන්තයේ සංචාරකයකුට චෝදනා එල්ල වුනා.

එම අනතුරෙන් පසු පර්ත් නගරයේ සියලුම ඊ-ස්කූටර් කුලියට ගැනීමේ සේවාවන් දින නියමයක් නොමැතිව අත්හිටුවනු ලැබුවා.

මේ වනවිට බලධාරීන් සිද්ධිය පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්දයෙන් විමර්ශනය කරමින් පවතිනවා.

රෝයල් පර්ත් රෝහලේ අංශ ප්‍රධානී වෛද්‍ය ඩීටර් වෙබර් පැවසුවේ තම කණ්ඩායම දිනපතා E- scooter ආශ්‍රිත දරුණු තුවාල වලට ප්‍රතිකාර කරන බවයි.

මෙම තුවාල බොහෝ විට ස්ථිර ආබාධිතභාවයට හෝ මරණයට හේතු වන බවද වෛද්‍ය වෙබර් අනතුරු අඟවා තිබෙනවා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »