
ඕස්ට්‍රේලියාවේ IKEA වෙළඳසැල්වල අලෙවි කරන ලද ජනප්‍රිය ශීත කළ ආහාර ද්‍රව්‍යයක කළු රබර් කැබලි තිබී හමුවීම හේතුවෙන් ආපසු කැඳවා තිබෙනවා.
SLAGVERK breaded wheat කැබලි පරිභෝජනය කළහොත් රෝගාබාධ ඇති විය හැකි බවටයි ඕස්ට්‍රේලියා ආහාර ප්‍රමිති ආයතනය අනතුරු අඟවා ඇත්තේ.
බලපෑමට ලක්ව ඇත්තේ මේ වසරේ අගෝස්තු 19 වන දිනට කල්පිරෙන ග්‍රෑම් 500 ක් බරැති IKEA හි SLAGVERK නිෂ්පාදනයයි.

මිල ඩොලර් 12 ක නිෂ්පාදනය නිව් සවුත් වේල්ස්, ACT, ක්වින්ස්ලන්ඩ්, වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ බටහිර ඕස්ට්‍රේලියාවේ IKEA වෙළඳසැල් වලිනුයි අලෙවි වී ඇත්තේ.
ඔස්ට්‍රේලියාවේ ආහාර ප්‍රමිති ආයතනය පැවසුවේ ගණුදෙනුකරුවන්ට නිෂ්පාදනය මිලදී ගත් ස්ථානයට ඒවා ආපසු ලබා දිය හැකි බවයි. එමෙන්ම නිෂ්පාදන කිසිසේත් අනුභව නොකරන ලෙසද ප්‍රමිති ආයතනය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
